2023 ඔක්‍තෝබර් 05, ප.ව. 4:41
ජනතාව ලබාගෙන ඇති ණය සඳහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩුවිය යුතු බව මහ බැංකුව පවසනවා.
අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවා.
ලීසිං පොලී අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ,
“පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩු වෙන්න ඕනේ. බැංකුවල හැමෝටම බලපාන පොලිය කොහොමද අඩු වෙන්න ඕනේ කියලා අපි කියලා තියෙනවා. අපි දන්න විදියට බැංකු පද්ධතිය දැන් ඉතාම ස්ථාවරයි.සේවක අර්ථසාධක මුදලේ භාරකරු ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව. හැබැයි සාමාන්‍යයෙන් බැලුවාම මේක මහ බැංකුවේ කාර්යභාරයක් නෙමෙයි. නමුත් ලෝකයේ ඕනෑම මහ බැංකුවක වගේ අපිට තිබෙන අදාළ කාර්ය තමයි මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය. ඒ දෙක කිරීමේ වගකීම පමණක් තිබුණා නම් තමයි වඩා හොඳ.. ආයතනයක් විදියට.”
IMF ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ,
“මේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න අය විදියට අපිට කියන්න පුළුවන් IMF ක්‍රියාවලියට චීනයෙන් පමණක් නෙමෙයි අනෙක් රටවලිනුත් ඉතාම හොඳ සහයෝගයක් තිබෙනවා. ඉන්දියාව, ජපානය, පැරිස් කල්බ් ප්‍රමුඛ සංවිධානය සහ චීනය ඉතාම හොඳින් සමීපව කටයුතු කරනවා. ඒ නිසා මේ කටයුතු ඉතාම ඉක්මණින් අවසන් කරන්න පුළුවන් වෙයි.”
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26