hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 02, ප.ව. 8:09



විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, මත්පැන් සම්බන්ධයෙන් විශේෂ වැටලීමක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“අපි වර්ෂයකට ඉස්සරවෙලා ස්ටිකර් එකක් හඳුන්වලා දුන්නා. සුරා බෝතලයක් ගන්නකොට ඒකෙ ස්ටිකරයක් තියෙනවා මේක සැබෑ නිවැරදි නිෂ්පාදනයක් කියලා ස්ටිකර් එකේ. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ ස්ටිකර් වෙනුවට වෙනත් ස්ටිකර් ගහනවා කියලා දැන් ලොකූ ප්‍රශ්නයක් රටේ මතුවෙලා තියෙනවා.

හැබැයි ඒ කරන අයට මම කියනවා අපි මේ සුමානේ ඉඳලා දැවැන්ත වැඩපිළිවෙලක් ඒකට යොදනවා. රාජ්‍ය ආදායමත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ වැටිච්ච රටේ. ඒ නිසා කවුරුහරි ඒවා කරනවා නම් ප්‍රවේසම් වෙන්න සියලුම ක්‍රමවේදයන් යොදලා ඒවා නවත්වන්න අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්තොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කරා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: