hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 02, ප.ව. 12:53



ජාතික ජන බලවේග රජයක් යටතේ තරුණ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උන්මාදයක් ඇති කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

එම තරුණයන් සඳහා මූලික ප්‍රාග්ධනයක් ඇප නැතිව ලබාදීම සඳහා තම රජයක් යටතේ නව සංවර්ධන බැංකුවක් බිහි කරන බවයි අනුර දිසානායක මහතා අවධාරණය කළේ.

හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසුවේ, ඒ හරහා නව තරුණ පරම්පරාවට අලුත් ආර්ථික අවස්ථා බිහි කිරීමට කටයුතු කරන බවයි.

කැකිරාව නගරයේ පැවති එම පක්ෂයේ අනුරාධ දිස්ත‍්‍රික් තරුණ සමුළුවක් අමතමින් දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලදි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: