hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 ජූනි 15, ප.ව. 12:49



ඉකුත් 3 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙරට ක‍්‍රියාත්මක බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන හා මුදල් පැවරීම් සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්‌යෙන්ම ලබා ගත යුතු බවට නව රෙගුලාසියක් පනවා ඇත.

මෙරට ඇතැම් මූල්‍ය ආයතන සහ වෙනත් මූල්‍ය සේවා සපයන ආයතන හේතුවෙන් මුදල් පැවරීම් පද්ධතියට එල්ල විය හැකි බාධා බාධා වැලැක්වීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා මෙම නව නීති රෙගුලාසි හඳුන්වාදී ඇති බව මහ බැංකුව පවසයි.

මහ බැංකුව පවසන්නේ මින් ඉදිරියට ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය මහ බැංකුව සතු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරි ආයතන මගින් මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන බහුතරයක් නියාමනය කරනු ලබන නමුත් ඇතැම් ආයතන නියාමනය නොවන හෙයින් මෙම පියවර ගත් බව මහ බැංකුව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: