hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 23, ප.ව. 12:36



එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් සිදුකරන මහා මෙහෙවරක් බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලයේ දී පැවැති ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ මෙවැන්නකී,

“ඒ නිසා තමයි අද දවසේ ගාල්ල දිස්ත්‍රික්කයේ ළමයි 5000 කට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යත්ව ලබාදීම සිදු කරන්නේ. මේ ලබාදෙන ශිෂ්‍යත්වය හරහා හෙට උදේ වනවිට උසස්පෙළ ළමයින්ගේ නම් ඒ ළමයින්ගේ බැංකු ගිණුම්වලට රුපියල් 36000 කුත්, 1 වසරේ සිට 11 වසර දක්වා වයස් කාණ්ඩායක ඉන්න දරුවෙකුට නම් රුපියල් 18000කුත් ඔබේ බැංකු ගිණුම්වලට ලැබේවී. දැන් මෙතන ඉන්නවා මේ පාසල් ළමයින්ගේ දෙමව්පියන්. ඒ දෙමව්පියන්ටත් තිබෙනවා යුතුකමක් ඉටු කරන්න. මේ මුදල ලැබුණාම ඔබ ළමයින්ගෙන් අහන්න ඕන මොනවද පුතේ ඔබට තිබෙන අඩුපාඩු කියලා. දෙමව්පියන් ඒ සඳහා අවධානය යොමු නොකළොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලංපොරොත්තු වන ඉලක්කය අසාර්ථක වෙනවා. ඒකයි මම කලින් සඳහන් කලේ අද මේ සල්ලි මේ ළමයින්ගේ ගිණුමට වැටුණම දෙමව්පියන්ගේ වගකීම හරියට ඉෂ්ඨ කළ යුතුව තිබෙනවා. දෙමව්පියෝ අහන්න ඕන ඒ දරුවන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා. පාසලේ අඩුපාඩුව කුමක්ද? ඒ දේවල් හොඳින් හැදැරුවොත් පමණයි මේ වැඩේ නියම ප්‍රයෝජනය ලබාගන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: