hit counter

2024 දෙසැම්‍බර් මස 11 වන බදාදා

2024 දෙසැම්‍බර් 09, ප.ව. 8:18



මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය ඊයේ (දෙසැම්බර් 09) හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. මෙම උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයක් සිය උපාධි ලබාගැනීමට නියමිතයි. උත්සවය උපාධි ප්‍රධානය කරන විශ්වවිද්‍යාල සහ ප්‍රධාන විෂය ධාරාවන් අනුව වෙන්කරන ලද ප්‍රධාන සැසි 09 ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

එහි ආරම්භක දිනය වන ඊයේ දිනයේ ප්‍රධාන සැසි 3ක් පැවති අතර එහිදී NSBM හරිත සරසවියේ ව්‍යාපාර පීඨය සහ පරිගණක පීඨය යටතේ NSBM හරිත සරසවිය මඟින් පිරිනම උපාධි මෙන්ම අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලය අනුබද්ධව පිරිනමන උපාධි පාඨමාලා හැදෑරු සිසුන් සිය උපාධි ලබාගන්නා ලදී. පළමු දිනයේ සෑම උපාධි ප්‍රධාන සැසියක් සම්භාවනීය අමුත්තකුගේ සහභාගීත්වයෙන් ආලෝකමත් වූ අතර එහිදී ආරාධිත අමුත්තන් විසින් උපාධිධාරීන් අමතා වටිනා දේශනයක්ද පවත්වන ලදී.

උපාධි ප්‍රදානෝත්සවයේ පළමු දිනයේ ආරාධිත අමුත්තන් ලෙස ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා සහ ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහභාගී වූහ.

එසේම මෙම අවස්ථාවට NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක, අධ්‍යයන සංවර්ධන හා තත්ත්ව සහතික අංශයේ ප්‍රධානී මහාචාර්ය J. භරත දොඩංකොටුව, පීඨාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනෙකුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ උපාධිධාරීන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.

දෙසැම්බර් 11 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත මෙම උපාධි උපාධි ප්‍රදානෝත්සව සතියේ ඉදිරි දිනයන්ගේදී NSBM හා අනුබද්ධ අනෙකුත් විදේශ උසස් අධ්‍යාපන ආයතන වන එංගලන්තයේ ප්ලිමත් සරසවිය (University of Plymouth, UK) සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සරසවිය (Victoria University, Australia), මෙන්ම NSBM හරිත සරසවිය මඟින් පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් හැදෑරු සිසුන් හට උපාධි සහතික පත් පිරිනැමීම සිදු කරනු ලබයි.  ඒ සඳහා කීර්තිමත් විද්වතුන්, විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් සහ අනුබද්ධිත විශ්වවිද්‍යාලයන්ගේ නියෝජිතයන් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: