hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 23, පෙ.ව. 12:24



QR කේතයට පිටින් හා අවම ඉන්ධන ධාරිතාවක් තබා නොගැනීමේ වරද මත ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් දෙකකින් මේ වන විට QR කේතය නොතකා තෙල් ලබාදෙන බවට තෙල් බෙදුම්කරුවෝ කියයි.

මෙලෙස QR කේතය නොමැතිව ඉන්ධන ලබාගත හැකි ඉන්ධනහල් දෙක පිහිටා ඇත්තේ රාජගිරියේ සහ අම්බලන්ගොඩ යැයිද ඔවුහු කියයි.

QR කේතයට පිටින් ඉන්ධන නිකුත් නොකරන ලෙස කියමින් ලියාපදිංචි තැපෑලෙන් ඉන්ධනහල් වෙත ලිපි යොමු කරන සංස්ථාව ඒ වරද කරමින් කටයුතු කරන බවද ඉන්ධනහල් හිමියෝ කියයි.

මෙකී ඉන්ධනහල් දෙක කලින් පාලනය කළේ පුද්ගලික ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින්.

QR කේතයට පිටින් ඉන්ධන ලබා දෙන්නේ මන්දැයි පොම්පකරුවන්ගෙන් විමසූ විට ඔවුන් කියා ඇත්තේ සංස්ථාව මගින් තාමත් ස්මාට් ජංගම දුරකථන ලබා දී නැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: