hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 මාර්තු 25, පෙ.ව. 11:49



උත්සව සමය ඉලක්ක කර වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණින් මෝල් හිමියන් විසින් වෙළඳ පොළේ සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බව සහල් අලෙවි කරන්නන් චෝදනා කර සිටියි.

ඇතැම් ප්‍රදේශවල මේ වන විට ද වෙළඳපොළේ සම්බා සහ කීරි සම්බා හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම, ඇතැම් ව්‍යාපාරිකයින් පියවර ගෙන ඇත්තේ එම සහල් වර්ග 2 පාලන මිලකින් තොරව අලෙවි කිරීමට බව ද වාර්තා විය.

කෙසේ වෙතත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230කටත් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් අලෙවි කිරීමට රජය නියම කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: