2023 ජූලි 14, පෙ.ව. 12:02
හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට ආර්ථිකයේ නවතම තත්ත්වය හා බදු ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
ජනවාරි සිට මැයි දක්වා මාස 5 බැලුවොත් 2022 වසරට සාපේක්ෂව සියයට 38.1ක වර්ධනයක් තියෙනවා. බදු ආදායම සියයට 44.9කින් වර්ධනය වෙලා තියෙනවා. ආදායම් බදු සියයට 53.6කින් වර්ධනය වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා මත බදු සියයට 65.6කින් වර්ධනය වෙලා තියෙනවා. විදේශ වෙළෙඳාම මත බදු සියයට 12.2කින් අඩුවෙලා තියෙනවා. ඒක රේගුවේ වරදක් නෙවෙයි අපි භාණ්ඩ දහස් ගණනක් ආනයනය නවත්වාගෙන තමයි මේ රට මේ තැනට ගෙනාවේ. අපේ මුළු වියදමත් සියයට 47.8කින් වැඩිවෙලා තියෙනවා. ඒ ප්‍රධානම වැඩිවීම වෙලා තියෙන්නේ මේ වර්තන වියදම අපේ සමෘද්ධි සහ සහනාධාර දීමනා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ කිසිවිටෙකත් අලුත් බරක් මේ රටේ නිත්‍යානුකූල බදු ගෙවන්නන් වෙත පවරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් පළවෙනි අවස්ථාවේම ඔවුන්ගේ බදු බර ටික ටික අඩුකරන තැනකට ඔවුන් සමග සාකච්ඡා කරන්න.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26