2024 ජනවාරි 24, පෙ.ව. 7:53
පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බීට්රූට් කිලෝවක තොග මිල ඊයේ (23) දිනයේදී රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වනවා.
එමෙන්ම මාළු මිරිස් කිලෝවක් රුපියල් 1,200ක් දක්වාද ඉහළ ගොස් තිබූ බවයි පැවසෙන්නේ.
පසුගිය දිනවල රුපියල් 2800ක් දක්වා ඉහළ ගොස් තිබූ කැරට් කිලෝවක තොග මිල ඊයේ (23) දිනයේදී රුපියල් 1180ත් 1400ත් අතර මිලක් දක්වා අඩුවී තිබීම ද විශේෂත්වයක්.
කෙසේ නමුත්, පතෝල, බණ්ඩක්කා, වැටකොලු ආදී එළවළු වර්ගවල තොග කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිලක් දක්වා ද ඉහළ ගිය බවයි වාර්තා වන්නේ.
මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි තොග කිලෝවක් රුපියල් 500කට අලෙවි කෙරුණද, නුවරඑළිය සහ පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල තක්කාලි තොග කිලෝවක් අලෙවි කෙරුනේ රුපියල් 800කට වීමද විශේෂත්වයක්.
මේ අතර හෙට පෝය දිනය නිසාවෙන් අද එළවළු මිල ගණන්හි වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.


2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26