2023 ජූනි 07, පෙ.ව. 9:36
එළවළු මිල සියයට එකසිය පනහකින් (150%) පමණ ඉහළ යෑම නිසා එළවළු මිලදී ගැනීම මේ දිනවල ඉතා පහළ මට්ටමක පවතින බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්.උපසේන මහතා පැවැසුවා.
එළවළු කිලෝ 1000ක් පමණ රැගෙන ගිය තොග වෙළෙන්දන් රැගෙන යන එළවළු ප්‍රමාණය මේ වනවිට කිලෝ 100-200 දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළා.
මැනිං වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කෙරෙන එළවළු ප්‍රමාණයද සියයට හතළිහකින් පමණ (40%) පහළ බැස ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
එළවළු ප්‍රවාහනය කිරීම සඳහා ගොවීන්ට අධික මුදලක් වැය කිරීමට සිදුවීම මෙන්ම පොහොර සඳහා අධික වියදම් දැරීමට සිදුවීම මෙම තත්ත්වයට හේතුව බවද ඔහු පැවැසුවා.
ඉන්ධන මිල පහළ බසින අවස්ථාවන්හිදී ප්‍රවාහන ගාස්තු පහළ නොදැමීම මෙන්ම පොහොර මිල පහළ බසින අවස්ථාවන්හිදී එහි වාසිය ගොවීන් වෙත ලබාදීමට රජයේ නිසි නියාමනයක් නොතිබීම මෙම ගැටලුකාරී තත්ත්වයට හේතුව බවද ඔහු පැවැසුවා.
දහසක පමණ පාරිභෝගිකයන් පිරිසක් එළවළු මිලදී ගැනීම සඳහා දිනපතා මැනිං වෙළෙඳපොළ වෙත පැමිණෙන නමුත් ඔවුන් සමබල ආහාර වේලකට අවශ්‍ය එළවළු රැගෙන නොයන බවද ඔහු ප්‍රකාශ කළා.
සරුංගලයක නූල කැඩුවා හා සමානව භාණ්ඩවල මිල ඉහළ යන බවත් එහෙත් උද්ධමනය අඩුවන අවස්ථාවන්හිදී මෙම මිල ගණන් පහළ දැමීමට අවශ්‍ය නියාමනයන් සකස් කිරීමට රජය වහා පියවර ගත යුතුව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසුවා.
බඩු මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ යෑමට හේතුව කුමක්ද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ බව පැවැසුවා.