2023 අගෝස්‍තු 12, පෙ.ව. 12:03
කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේරථ වාහන යළි අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවයි.
එමෙන්ම පරාටේ බලතල යටතේ යම් දේපොලක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
කෙසේ වෙතත් බැංකුව පරාටේ බලතල මගින් දේපල අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මෙම අදාළ ණය අය කර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති විට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන 19ක් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා 173ක දී පමණක් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26