hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 02, පෙ.ව. 12:02



වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ද ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසාද් මානගේ මෙලෙස පැවසුවා.

“අවුරුදු 4 පුරා අපි බලන් ඉන්නවා වාහන ආනයනය සම්බන්ධව. ළඟදීම ගේන්න දෙනවා කියලා කියනවා. නමුත් දිනයක් කාලයක් කියන්නේ නෑ. ක්‍රමානුකූලව ලිහිල් කරන්න පුළුවන් කියලා මහ බැංකු අධිපති කිව්වා.ලංකාවේ වාහන එකලස් කිරීම කරනවා. නමුත් තවමත් අපනයනයක් කරලා නැහැ. අපි වාහන ආනයනය කළාම 200% ක් පමණ රජය බදු ගහනවා.”

“අපි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සමග සාකච්ඡා කළා. ඔහු කිව්වේ මුලින් බස්, ලොරි වගේ වාහනවලට ඉඩ දීලා ඒක ආර්ථිකයට බාලපාන අයුරු බලලා පස්සේ ත්‍රීවිල්, යතුරුපැදි සඳහා ලිහිල් කරන්නේ කියලා. ඊට පස්සේ තමයි කාර්, වෑන්වලට අවස්ථාව ලැබෙන්නේ.”

“මේ වාහන ගේන්න අවසර දෙනවා කියන එක විදියක කැරට් අලයක් කියලා අපිට සැකයක් මතුවෙලා තියෙනවා. මේක පෙන්වා සූදානම් වෙන්නේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය වාහන ටික ගෙන්වා දෙන්න. මොකද මැතිඇමතිවරු ඉල්ලීම් කරලා තියෙනවා කථානායකට ඒ අයට වාහන ලබාදෙන්න කියලා.”

“කොහොම වුණත් වාහනවල දැන් තිබෙන මිල සාධාරණ ද ? නැද්ද ? කියන්න බෑ. ඉල්ලුම හා සැපයුම එක්ක තමයි ඒක තීරණය වෙන්නේ.”

“එදා ඉඳලම වාහනවලට වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයන්ට සිදු වුණා. වාහන ආනයනය ආරම්භ කළත් ලොකු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අතරේ වාහන මිල වැඩි වෙයිද කියලත් සැකයක් තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: