hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 14, ප.ව. 12:46



වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී  ලංකාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, එම සැලසුම හෙට(15) දිනයෙන් අවසන් වනු ඇති බවයි.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, 2025 දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහන වලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී  ලංකාව සැලසුම්කර ඇති බවයි.

මේ අතර, ඉදිරියේදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී පළමුව විදුලි හා දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා පසුගියදා සඳහන් කර සිටියා.

කොමසාරිස් ජෙනරල් වරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් නිල වශයෙන් රජය මේ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි.

මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා වැඩිදුරටත් පැවසුවේ, රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කර ඇති අතර මේ හරහා නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම වීමට උපකාරී වනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: