hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 23, පෙ.ව. 1:12



විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ ජපානය බලා පිටත්වන ශ්‍රමිකයන් 12 දෙනෙකුගෙන් යුත් පිරිසකට හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසුවේ තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළා.

මෙසේ ආනයනය කරනු ලබන වාහන, ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකිවන ක්‍රමයක් නිර්මාණය කරන බවද ඇමැතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: