hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 9:04



‘පසුගිය කාලයේ අපේ සභාවටත් යම් යම් චෝදනා එල්ල කළා මේ රට විරුවන්ගේ වාහන බලපත්‍රවලට අපි බාධා කරනවා. කියලා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි සිද්ධ වුණේ. අපිට මාධ්‍ය වාර්තා පළවුණා, රේගු දෙපාර්තමේන්තුව යම් යම් අක්‍රමිකතා, මේ වාහන බලපත්‍ර ක්‍රමයේ තිබෙන නිසා, ඒ වාහන අත්අඩංගුවට ගත් බවට. ඉතින් ඒ අනුව අපි රේගු දෙපාර්තමේන්තුව, අපේ කාර්යයේ කොටසක් නිසා, ඒ කියන්නේ අපේ කමිටුව බලතල අතර තිබෙන දෙයක් නිසා සහ ඒක ආදායම් පිළිබඳ ගැටලුවක් නිසා, අපි ඒ අයගෙන් විමසීමක් පසුගිය සභා වාරයේදී කළා’ යයි ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී  ඔහු මෙම අදහස් පල කළා.

“පසුගිය කාලයේ අපේ සභාවටත් යම් යම් චෝදනා එල්ල කළා මේ රට විරුවන්ගේ වාහන බලපත්‍රවලට අපි බාධා කරනවා. කියලා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි සිද්ධ වුණේ. අපිට මාධ්‍ය වාර්තා පළවුණා, රේගු දෙපාර්තමේන්තුව යම් යම් අක්‍රමිකතා, මේ වාහන බලපත්‍ර ක්‍රමයේ තිබෙන නිසා, ඒ වාහන අත්අඩංගුවට ගත් බවට. ඉතින් ඒ අනුව අපි රේගු දෙපාර්තමේන්තුව, අපේ කාර්යයේ කොටසක් නිසා, ඒ කියන්නේ අපේ කමිටුව බලතල අතර තිබෙන දෙයක් නිසා සහ ඒක ආදායම් පිළිබඳ ගැටලුවක් නිසා, අපි ඒ අයගෙන් විමසීමක් පසුගිය සභා වාරයේදී, කළා. ඒ කියන්නේ ගිය 18 වෙනිදා, අපි එතකොට ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව අපිට මූලික වාර්තාවක් ලබා දුන්නා. නමුත් අපි ඒකෙන් සෑහීමකට පත් වුනේ නෑ. අපි අද අදාළ කම්කරු හා විදේශ සේවා නියුක්ති ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමා ගෙනල්ලා මේ පිළිබඳ තවදුරටත් කරුණු සාකච්ඡා කළා. ඒ අනුව එතුමා අපිට ප්‍රකාශ කළා 2022 මැයි මාසේ පළවෙනිදා විදේශ විගමනිකයන්ගේ මුදල් ලංකාවට ප්‍රේෂණය කිරීම, උනන්දු කරවීම තවදුරටත් උනන්දු කරවීම සඳහා මෙවැනි විද්‍යුත් වාහන ගෙන ඒමේ යෝජනාවලියක් දියත් කළා කියලා. ඒ සඳහා කොන්දේසි හැටියට ඔහු කිව්වේ 2022 මැයි මාසේ පළවෙනිදා සිට දෙසැම්බර් මාසේ 31 වෙනිදා කියන මේ කාලය ඇතුළත, මේ මාස අට ඇතුලත ඩොලර් 20000 ට වැඩියෙන් පිළිගත් බැංකු පද්ධතිය හරහා ගෙන එන අය මේ සඳහා සුදුසුකම් ලබනවා. ඒ වගේම ඔවුන් ප්‍රේෂණය කළාය කියන මුදලින් 50% ක් රුපියල් වලට පරිවර්තනය විය යුතුයි කියන එකත් කිව්වා.

ඒවා ඉතිරි 50% වටිනාකමට සමාන වෙන විදිහේ විද්‍යුත් වාහනයක්, බලපත්‍රයක් හැටියට ලබාදෙන බව ප්‍රකාශ කළා. මේ වාහන ලබා දීමේදී, සම්පූර්ණයෙන්ම අලුතෙන්ම නිෂ්පාදනය කරපුවා වෙන්න ඕනේ. එහෙම නැත්නම් වසරක් ඇතුළත නිෂ්පාදනය වෙලා තියෙන්න ඕනේ කියන කොන්දේසියත්. ඒවා අදාළ නිෂ්පාදනය කරන ලද රටින්ම ගෙන්වා ගත යුතුයි කියන කොන්දේසියක්. ඒවා වෙනත් පාර්ශවයකින් වෙනත් පාර්ශවයකට වසර දෙකක් යන තෙක් පවරා දිය නොහැකි බවත් ප්‍රකාශ කළා. ඒ අනුව දැනට ඔක්තෝම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට බලපත්‍ර 450 කට අධික ප්‍රමාණයක් නිකුත් කරලා තිබෙන බව ප්‍රකාශ කළා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 15 වෙනිදායින් පස්සේ මේ ක්‍රියාවලිය නතර වෙලා තියෙනවා. ඒක නැවත දීර්ඝ කිරීමේ අදහසක් නැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. දැන් ප්‍රේෂණ ලැබෙමින් තිබෙන නිසා එය නැවත උනන්දු කරවීමක් නැහැයි කියන පදනම මත. රේගු දෙපාර්තමේන්තුව නැවතත් අපිට ප්‍රකාශ කළා මේ ගෙනත් තිබෙන ඇතැම් වාහන අර චක්‍රලේඛයට, එහෙම නැත්නම් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරලා තියෙන ඒ මාර්ගෝපදේශයන්ට පටහැනිව ගෙන්වා තිබෙන බව. ඒ නිසා ඒ අය මේකට මැදිහත් විය වුණු බව. එකක් ඔවුන් පෙන්වලා දුන්නේ මේවා නිෂ්පාදනය කළ රට වෙනුවට වෙනත් රටක් යොදා ගැනීම. ඒ වගේම මේවායේ අගය අඩු කරලා Under value කරලා සඳහන් කිරීම. ඒ වගේම මේවා වෙනත් අයට පවරා තිබීම. කියන මේ කරුණු මත තමයි ඔවුන් ක්‍රියා කළේ කියලා.

විගමනිකයන්ට ලබාදීපු ඒ ව්‍යාපෘතිය සැප්තැම්බර් 15 න් අවසන් වූ නිසා මේ පිළිබඳව යම් අක්‍රමිකතාවක් වුණාද, නොවුනාද කියලා සොයා බැලීමට මේ පිළිබඳ වෝහාරික විගණනයක් අපි ඉල්ලලා තියෙනවා විගණකාධිපතිතුමාගෙන් එතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා එතුමාට තියෙන වැඩ රාජකාරීත් එක්ක මේ දෙසැම්බර් මාසයට පෙර ඒක අපිට ලබා දෙන්න. මේ ක්‍රියාදාමය හරහා මේ රටට විදේශවල ඉදන් මුදල් එවන අය සම්බන්ධයෙන් ඔවුන්ට වාහනයක් ලැබීම ගැන අපේ කිසිම ඊර්ෂ්‍යාවක් හෝ වෙනත් දෙයක් නැහැ. මේ ක්‍රියාදාමය නිවැරදිව සිදු වෙනවාද කියන එක පිළිබඳව සොයා බැලීම අපේ වගකීමක්. මොකද රේගු දෙපාර්තමේන්තුව අපේ යටතේ පවතින නිසා.

ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ අද වාර්තා වුණා මේ රත්තරන් හා වෙනත් වටිනා ද්‍රව්‍ය ගෙන ඒම පිළිබඳව. රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ ගැන සාකච්ඡා කළා. මොකද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙකුත් සම්බන්ධ වෙලා යම් ගැටළුවක් රත්තරන් ගෙන ඒම පිළිබඳ පැමිණීම නිසා. එහිදී දඩ මුදල් හැටියට එක එක ගණන් හිලව් ඉදිරිපත් කිරීම, ඒ අදාළ නිලධාරියාට අවශ්‍ය ආකාරයට ඒක නිගමනය කිරීම. මේ ගේන භාණ්ඩය රාජසන්තක කරනවාට අමතරව, එහි වටිනාකමෙන් තුන් ගුණයක් අය කරන්න පුළුවන්. නමුත් ඒක කළේ නැහැ. ඒක නිසා පහුගිය ජූනි පළවෙනිදා ඉඳන් මේ වෙනකොට 100% ක් ඒ කියන්නේ එම වටිනාකමට සමාන මුදලක් දැන් දඩ හැටියට අය කරනවා. ඒක නිසා විශාල වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ එම ආදායම වැඩි වෙලා තියෙනවා විතරක් නෙමෙයි දැන් ඔවුන් අපිට වාර්තා කළා. ඒ නිසා විශාල පරිමාණයකින් මේ ආකාරයට රට තුළට රත්තරං හා දුරකථන වැනි වෙනත් දෑ ගෙන ඒම පාලනය වෙලා තියෙනවයි කියලා. ඒ වගේම අපි ඔවුන්ට කිව්වා මේ දෙසැම්බර් මාසය වෙනකොට මේ තත්වය ගැන හරියට නිරීක්ෂණය කරලා අර තුන් ගුණයක් දඩ මුදල් කියන එක ගෙන ඒමට කටයුතු කරන්න කියලා. මොකද මෙතන ඔවුන් කිව්වා මේ සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. විදේශ රටවල වැඩට ගිහිල්ලා, මහන්සිවෙලා, රත්තරං උපයාගෙන එන අය ඉන්නවා කියලා. ඒ නිසා අපි කිව්වා.

ග්‍රෑම් 100 ට සීයට වැඩියෙන් ගේන අය සම්බන්ධයෙන් යම් පියවරක් හැටියට, මේ තුන් ගුණයක දඩ මුදල ගෙන එන්න කියලා. ජුනි මාසේ ඉඳන් 100% ක් දඩ මුදල වැඩි කිරීම නිසා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිව්වා විශාල වශයෙන් රේගුවේ ආදායම මේ කාලය තුල වැඩිවෙලා තිබෙන බව. ඉතින් ඇත්තටම තුන් ගුණය ගෙනාව නම් හරි. ඒ කියන්නේ දැනට උපයාගෙන තියෙන මුදල රුපියල් මිලියන 50 ක පමණ මුදලක්. අර තුන් ගුණය තිබුණා නම් මේක බිලියන 1.4 ක් පමණ. කෝටි 140 ක් පමණ උපයා ගැනීමට හැකියාව තිබෙනවා.මේ අත්අඩංගුවට පත් වූ බොහෝ දෙනෙක් ඇත්ත වශයෙන්ම මේවායේ අයිතිකාරයෝ නෙමෙයි කියලා ඔවුන් අපට දැනුම් දුන්නා. ඒ නිසා මේ පිළිබඳ අපි අර තුන් ගුණය කියන එක ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන්න කියලා අපි උපදෙස් දුන්නා.

සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා ව්‍යාජ ස්ටිකර් පිළිබඳ වැටලීම් දිගටම කරගෙන යන්න කියන එකත් නව සුරක්ෂිත ස්ටිකරයක් හෝ ඊට අදාළ ඩිජිටල් අංගනයක් හඳුන්වා දෙන්න කියලා මුදල් අමාත්‍යාංශයත් එක්ක එකතුවෙලා ලබන වසරේ ඉදන් කියන නියෝගයත් අපි ලබාදීලා තියෙනවා. ඒ අතරේ ඉතාම වැදගත් දෙයක් සිද්ධ වුණා. ඒක තමයි අපි නිතරම කියපු එක. මේ සුරාබදු වල ව්‍යාජ ස්ටිකර් විතරක් නෙමෙයි තියෙන්නේ. ව්‍යාජ මත්පැන් නිෂ්පාදනාගාර තියෙනවා. ඒවා මේ නොයෙක් අ දැනට රටේ පවතින මේ මත්පැන් නිෂ්පාදනාගාරවල නම්ම පාවිච්චි කරලා අලෙවි වෙනවා. කොටින්ම කිව්ව කසිප්පු නිෂ්පාදනය වෙලා ඒවා අරක්කු නිල අරක්කු හැටියට විකිණෙන තත්වයක් රටේ තිබෙන බව අපි අනතුරු ඇඟෙව්වා. ඉතින් ඒකට බොහොම හොඳ පැහැදිලි පිළිතුරක් අපිට ලැබුණා පසුගිය කාලයේ දොම්පේ ප්‍රදේශයේ මෙවැනි නිෂ්පාදනාගාරයක් වටලලා බෝතල් 8000 කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් එක්ක. ඒක එතන අර සැනිටයිසර් හදන මුවාවෙන් පවත්වගෙන ගිය කම්හලක් බවත් ඔප්පු වුණා. ඉතින් මේවා තවත් රට තුළ තියෙන්න පුළුවන්. ඒ නිසා අපි එහෙම නැත්නම් තොරතුරු තියෙනවා නම් කරුණාකරලා අපට දැනුම් දෙන්න.”

මේ අතර, මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට ද, සභාපති රණවක මහතා පිළිතුරු දුන්නා.

“ක්‍රිකට් නම් අපේ කමිටුවට අදාළ නැහැ. නමුත් බොහොම පැහැදිලිව කිව්වොත් මේ ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පමණක් තියෙන අර්බුදයක් නෙමෙයි. මේ සමාජය ඉතාමත්ම බරපතල විදිහට ජරාජීර්ණ වෙලා තියෙනවා. සෑම ආයතනයක්ම ‍රාජ්‍ය, පෞද්ගලික හැම ආයතනයක්ම බොහොම බලගතු විදිහට ජරාජීර්ණ වෙලා තියෙනවා. ඉතින් දෙපැත්ත බෙදිලා දැන් එකිනෙකාට චෝදනා කරගත්තත් මේකේ ගැඹුරු අර්ථය තමයි සියලු ක්ෂේත්‍ර කුණුවෙලා, ඕජස් ගලන තත්වයට පත්වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ රටේ ජනතාවට ආගමක් වගේ. ඒ පිළිබඳව මේ අපි ඉතාමත්ම අසරණ වෙලා ඉන්න වෙලාවේ. යුධමය වශයෙන් පවා අපි පරාජිත තත්වයක් තියෙන වෙලාවේ රටට ආශ්වාදයක් ලැබුණේ, රටට සහනයක් ලැබුණේ, ක්‍රිකට් වලින්. ඒකත් දැන් නැති වෙනවාය කියන තත්ත්වයත් එක්ක, අඩුගානේ මේ දකුණු ආසියාවේවත් අපි අන්තිම තැනට වැටිලා ඉන්නවාය කියන එකත් එක්ක ලොකු වේදනාවක්. මේ ආර්ථික අර්බුද ඔක්කොම එක්ක ලොකු වේදනාවක් අපේ ජනතාවට තියෙනවා. මන් හිතනවා ඒ ගැන රජය ඒ වේදනාව ගැන දැනගෙන මේ පිළිබඳව කටයුතු කරයි කියලා. මේ රටේ ඉන්නවා හොඳ ක්‍රීඩකයො, අවංක ක්‍රීඩකයෝ අතීතයේ දස්කම් දක්වපු අය, මේ අය කළමනාකරණය කිරීමට සුදුසු අය, අර ආණා පුංචිහේවා මහත්මයා වගේ ඒ වගේ ගෞරවනීය විදියට මේක කරන්න ඕන අය. ඒ වගේම මේ විනය කටයුතු පවත්වාගෙන යාමට හැකියාව තියෙන අය. අන්න ඒ පිළිබඳව කල්පනා කරලා බලලා, රජය පියවර ගත්තේ නැත්නම් ඉතින් මේක කුණුවෙලා තව තවත් ඕජස් ගල, ගැටුම් හදාගෙන, අධිකරණ ඉදිරියට ගිහිල්ලා, ප්‍රශ්න හදාගෙන ඉදිරියට යන එක තමයි වෙන්නේ. ඉතින් විගණකාධිපතිවරයා විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව පියවර ගැනීම අදාළ අමාත්‍යාංශයේත්, ආණ්ඩුවේත් වගකීම.”

අධිකරණයට අපහාස කිරීමේ පනත සම්බන්ධව:

“රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ කාරණය මත සිරගත වූ අවස්ථාවේ දී මේ පිළිබඳ නීතියත් හරිහමන් විදියට නෑ කියලා දැනගත්තහම මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ අධිකරණයට අපහාස වීමේ නීතිය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් ඒක ආණ්ඩුව ඒ අවස්ථාවේදී ඔවුන්ගේ අධිකරණ ඇමතිවරයාගේ වගවීමේ තලය තිබුණේ. ඒක ඉදිරිපත් කළේ නෑ. ඒ අනුව මම එක අතකින් සතුටු වෙනවා. අපේ පනත නොවුනත්, ඒ ඇතුලත් ඇතැම් ගුණාංග ඇතුලත් කරලා මේ පනත නැවත ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමතිවරයා කටයුතු කිරීම ගැන. කෙසේ වෙතත් අපි මේ අධිකරණයට අපහාස කිරීම කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැදගත් නීති සම්පාදනය කරගත යුතුයි. එතනදී අපි සියලු දෙනාගේම අදහස් වැදගත් වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතයත් අධිකරණය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් මොන මොන විදිහේ සංශෝධන ද එන්න ඕනේ කියලා. ඒවත් සැලකිල්ලට අරගෙන මේ කටයුත්ත සිදුකළ යුතු දෙයක්. මොකද ඒ පිළිබඳව අපේ මේ ගරු පාර්ලිමේන්තුවේම හිටපු මන්ත්‍රීවරයෙකුට අපි මේ මේ කාලෙදිම සිදු වෙච්ච සිදුවීමත් එක්ක. මීට ප්‍රථම එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාටත් මේ තත්ත්වයට ම මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව විධිමත්භාවයක්, මේ නීතියේ පුද්ගලයෙකුට, දෙන්නෙකුට තමන්ගේ කැමැත්ත මත තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නීතිමය රාමුවක් සැකසීම අත්‍යවශ්‍යයි. ඒකයි මම පෞද්ගලික පනතක් හැටියට ඒක ඉදිරිපත් කළේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: