2023 සැප්තැම්බර් 20, පෙ.ව. 1:30
අසර්බයිජාන ආරක්ෂක හමුදා ඊයේ සවස නගර්නෝ-කරබාක් ප්රදේශයේ ආර්මේනියානු ජාතික පාලනය යටතේ වන ප්රදේශයන් වෙත ප්රහාරයන් එල්ල කළා. අසර්බයිජානය එම ප්රහාර හඳුන්වන්නේ ප්රාදේශීය ත්රස්ත විරෝධී මෙහෙයුම් ලෙසයි.
ආර්මේනියා ආණ්ඩුව මෙම ප්රහාර විවේචනය කළේ අසර්බයිජානය විසින් දැවැන්ත මට්ටමේ ප්රචණ්ඩ ක්රියාවක් සිදුකර ඇති බවයි. මේ අතර නගර්නෝ-කරබාක් හි ප්රාදේශීය පාලනය අසර්බයිජානය වෙත කියා සිටියේ ප්රහාර නවතා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසයි.
ප්රදේශයේ ගැටුම් ඇතිවීම කණස්සල්ලට හේතුවක් වන බවත් දෙපාර්ශවය සාකච්ඡා සඳහා යොමු කිරීමේ අවස්ථාවක් ඇති බවත් රුසියාව සඳහන් කරනවා. මේ වනවිට ද රුසියානු සාම සාධක හමුදා භට පිරිසක් මෙම ප්රදේශයන් හි රැඳී සිටිනවා.
මේ අතරවාරයේ ආර්මේනියාවේ යෙරවාන් හිදී අගමැති නිකොල් පශින්යාන්ට එරෙහි උද්ඝෝෂණ හටගත්තා. පශින්යාන් කියා සිටියේ තමා බලයෙන් නෙරපීමේ කුමන්ත්රණයක් දියත් විය හැකි බවයි. අසර්බයිජාන ප්රහාරවලට වගකිව යුත්තේ පශින්යාන් බවයි විරුද්ධවාදීන් කියා සිටින්නේ.
නගර්නෝ-කරබාක් ප්රදේශය නිල වශයෙන් අසර්බයිජානයට අයත් වුවද එහි ජීවත් වන්නේ ආර්මේනියානු ජාතිකයන්. එම ප්රදේශය පිළිබඳ ආර්මේනියාව සහ අසර්බයිජානය අතර කලක පටන් ගැටුමක් පවතිනවා. අවසන් වරට එම ප්රදේශය අරභයා දරුණු යුද්ධයක් හටගත් අවස්ථාවේ එහි කොටසක් අසර්බයිජානය විසින් අත්පත් කරගනු ලැබුණා. ඉතිරි කොටසෙහි ආර්මේනියානු ජනවාර්ගික පාලනය තවම පැවතියත් එම ප්රදේශය සහ ආර්මේනියාව අතර ඇති මාර්ගය අසර්බයිජානය විසින් වසා දමනු ලැබ තිබෙනවා.
2024 ඔක්තෝබර් 09, ප.ව. 6:28
2024 ඔක්තෝබර් 09, ප.ව. 1:34
2024 ඔක්තෝබර් 06, ප.ව. 1:11
2024 ඔක්තෝබර් 06, ප.ව. 12:51
2024 ඔක්තෝබර් 04, පෙ.ව. 8:46