hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:17



තමිල්නාඩුවේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය (AIADMK), භාරතීය ජනතා පක්ෂය (BJP) සමග වන සන්ධානය අවසන් කිරීමට ඊයේ නිල වශයෙන්ම තීරණය කළා.

මේ පිළිබඳ දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වෙමින් පැවති අතර, පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රියේ AIADMK පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඒ බවට නිල තීරණය ගනු ලැබුණා.

මෙම තීරණයට ආසන්නම හේතුව ලෙස සැලකෙන්නේ හිටපු AIADMK නායකයින් පිළිබඳ තමිල්නාඩු බීජේපී ප්‍රධානී කේ. අන්නාමලෙයි විසින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් බව ප්‍රකට කරුණක්.

කෙසේ වෙතත්, AIADMK සමග සන්ධානය නොසලකා හරිමින් අන්නාමලෙයි කටයුතු කරන බවට වූ චෝදනාව අද ඊයේ මතු වූවක් නොවේ. අන්නාමලෙයි විශ්වාස කරන්නේ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ තනිව ස්ථාවර විය යුතු බවයි. ඒ සඳහා කල් ගතවුණ ද එය සිදුකළ යුතු බවට ඔහු විශ්වාස කරන්නේ යයි පැවසෙනවා.

AIADMK-BJP සන්ධානයේ බිඳවැටීම 2024 පාර්ලිමේන්තු මැතිවරණයට යම් බලපෑමක් ඇතිකළ හැකියි. එමෙන්ම දකුණු ඉන්දියානු ප්‍රාන්තවල භාරතීය ජනතා පක්ෂයේ ව්‍යාප්තිය කෙරෙහි ද එහි යම් වක්‍රාකාර බලපෑමක් වේදැයි ඇතැම් විචාරකයන් සැක පළ කරනවා.