hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2025 ජූලි 02, පෙ.ව. 9:47



යුක්‍රේනයට ඇමරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියට අවශ්‍ය මිසයිල ඇතුලු ඇතැම් ආයුධ ලබාදීම නැවතී ඇතැයි වාර්තා වනවා.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ මූලාශ්‍රයන් මත පදනම්ව පොලිටිකෝ වෙබ් අඩවිය වාර්තා කළේ ඇමරිකානු යුධ අවි ගබඩාවන් හි එම ආයුධවල හිඟයක් මතුවීමේ අවධානම හේතුවෙන් පේට්‍රියට් මිසයිල​, හෙල්ෆයර් මිසයිල ආදී ඇතැම් ආයුධ යුක්‍රේනයට ලබාදීම ඇණහිට ඇති බවයි.

මෙය සිදුවන්නේ රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැඩි කරන පසුබිමකයි. ජූනි මාසයේදී රුසියාව විසින් ශහෙඩ් වර්ගයේ ඩ්‍රෝන 5337 ක් යුක්‍රේනය වෙත එවූයේ යැයි වාර්තා වන අතර එය මාසයක් තුළ රුසියාවෙන් පැමිණි වැඩිම ශහෙඩ් වර්ගයේ ඩ්‍රෝන ප්‍රමාණය ලෙස ද වාර්තා වනවා. මීට අමතරව ජූනි මාසයේදී ද රුසියාව විසින් නිරන්තරයෙන් යුක්‍රේනය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා.