hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:34



භාරතීය ජනතා පක්ෂය සමග තමන්ට සන්ධානයක් නොමැති බවත් කිසියම් එකඟතාවයකට පැමිණෙන්නේ මැතිවරණයකදී පමණක් බවත් තමිල්නාඩුවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (AIADMK) පක්ෂ ප්‍රබලයකු වන ඩී. ජයකුමාර් පවසනවා.

බීජේපී තමිල්නාඩු නායක කේ. අන්නාමලෙයි හිටපු තමිල්නාඩු මහ ඇමති සී. එන් අන්නාදුරෙයිව විවේචනය කිරීම තමන්ට ඉවසිය නොහැකි බව ඔහු කියා සිටිනවා. එමෙන්ම හිටපු මහ ඇමතිණී ජයලලිතා ද මීට පෙර අන්නාමලෙයිගේ විවේචනයට ලක්වූ බව ඔහු පෙන්වා දෙනවා.

ජයකුමාර් වැඩිදුරටත් සඳහන් කළේ තමිල්නාඩුවේ සාමාන්‍ය බීජේපී සාමාජිකයන් පක්ෂය සමග සන්ධානගත වීමට කැමැත්තෙන් සිටියද අන්නාමලෙයිට එවන් අවශ්‍යතාවක් නොමැති බවයි. තවද​, අන්නාමලෙයිව පාලනය කරගැනීමට බීජේපී ඉහළ නායකත්වය කටයුතු කළ යුතු බව ද ඔහු පවසනවා.