hit counter

2024 ඔක්‍තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 15, ප.ව. 12:18



ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රකට දේශපාලකයකු වූ බාබා සිද්දිකී ඔක්තෝබර් 12 රාත්‍රියේ ඝාතනය වුණා. 2022 මුල දක්වා දශක පහකට ආසන්න කාලයක් කොන්ග්‍රස් පක්ෂයේ සාමාජිකයකු ව සිටි ඔහු හිටපු ප්‍රාන්ත ඇමතිවරයෙක්. එමෙන්ම බොලිවුඩය සමග ද සබඳතා ඇති අයෙක්.

2013 දී සල්මාන් ඛාන් සහ ශාරුක් ඛාන් අතර අසමගිය දුරලීමට ක්‍රියා කළේ ඔහු බවයි ප්‍රකටව පවතින්නේ.

බාබා සිද්දිකී ඝාතනය පසුපස ලෝරන්ස් බිශ්නෝයිගේ මැර කල්ලිය සිටින බව සැක කෙරෙනවා. බිශ්නෝයි මේ වනවිට බන්ධනාගාරගතව සිටිය ද ඔහුගේ කල්ලියේ සාමාජිකයන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන් හි ක්‍රියාත්මක බව විශ්වාස කෙරෙනවා. 2022 දී පන්ජාබ් ගායකයකු ඝාතනය කිරීම පිළිබඳ ද ඔවුන්ට චෝදනා එල්ල වන අතර මාස කිහිපයකට පෙර සල්මාන් ඛාන්ගේ නිවෙස ඉදිරියේ වෙඩි තැබීමක් කළේ ද මෙම කල්ලියේ අයකු බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් සල්මාන් ඛාන් වෙත ඇති ජීවිත තර්ජන පිළිබඳව ද නැවත අවධානය යොමුව තිබෙනවා.

බිශ්නෝයි කල්ලිය සල්මාන් ඛාන් පසුපස හඹා එන්නේ 1998 දී ඔහු බ්ලැක්බක් සතුන් දෙදෙනකු දඩයම් කිරීමේ සිද්ධියක් මුල්කරගෙනයි. එම සත්ත්වයා බිශ්නෝයි ප්‍රජාව විසින් පූජනීය ලෙස සලකනු ලබනවා.

බාබා සිද්දිකී ඝාතනයට සම්බන්ධ බව කියන කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඝාතනයෙහි මහමොළකරු කවුරුන් ද යන ප්‍රහේලිකාව තවම ඉතිරිව තිබෙනවා.

Example Image