hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 8:21



උතුරු ඉරාකයේ නිනවේ පළාතේ හම්දානියා දිස්ත්‍රික්කයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයක් අවස්ථාවේ ඇතිවූ ගින්නකින් සියයකට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

නිනවේ හි ආණ්ඩුකාරවරයා පවසා තිබුණේ මියගිය සංඛ්‍යාව 113 ක් වන බව සහ තුවාල ලද පිරිස 150 ක් බවයි.

උත්සවයේදී භාවිතා කළ ගිනිකෙළි හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ගින්න ඇතිවී තිබෙන්නේ ඉරාක වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 10.45 ට පමණ බව ද එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙනවා.