hit counter

2025 මැයි මස 17 වන සෙනසුරාදා

2022 මාර්තු 15, ප.ව. 3:05



සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ යුක්රේන ජීව අවි පර්යේෂණාගාරයක් තුළ තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසය සොයා ගැනීමට හැකි වී ඇති බව රුසියානු බුද්ධි අංශ වාර්තා සඳහන් කරනවා.

ඊට අදාළ පර්යේෂණ සිදු සිදු කිරීමට ඇමෙරිකානු රජයෙන් යුක්රේනයට අරමුදල් සපයා තිබෙන බව මොස්කව් බුද්ධි ප්‍රධානී පුටින්ට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

යුක්රේනයේ විසින් න්‍යෂ්ටික අවි නිපදවිය හැකි මූල ද්‍රව්‍යයන් රටේ රැස් කරමින් සිට ඇති බවද රුසියානු බුද්ධි බුද්ධි අංශ වාර්තා වල වාර්තා වල වැඩිදුරටත් සඳහන් වනවා.

යුක්රේනයේ ස්ථාපිත ජීව අවි පර්යේෂණාගාර තිහක් තිබෙන බවත් ඇන්ත්‍රෑක්ස්, කොලරාව සහ ප්ලේග් වැනි භයානක රෝග කාරක දියුණු කර ඇත්තේ ඇමරිකාවේ පූර්ණ අධීක්ෂණය යටතේ බව රුසියානු බුද්ධි අංශ වාර්තා කොට තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ ස්ථාපිත ජීව අවි පරීක්ෂණාගාර රුසියානු හමුදාව අතට පත් නොවීමට කළ හැක්කේ කුමක්දැයි යුක්රේනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එම පර්යේෂණාගාර රුසියානු හමුදා යටතට පත්වේවි යැයි බියක් පවතින බවත් ඇමරිකානු දේශපාලන කටයුතු පිලිබද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සෙනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා.