2023 සැප්තැම්බර් 26, පෙ.ව. 12:54
ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 මෙහෙයුම යටතේ සඳ මතට යවන ලද වික්‍රම් ලෑන්ඩරය සහ ප්රග්යාන් රෝවරය මේ වනවිට කිසිදු සංඥාවක් ලබා නොදෙන බව වාර්තා වනවා.
අගෝස්තු 23 වනදා වික්‍රම් ලෑන්ඩරය සඳ මත ගොඩබැස්ස අතර ඉන් අනතුරුව ප්රග්යාන් රෝවරය සඳෙහි මීටර් සියයක පමණ දුර ගමන් කළා. ඔවුන්ගේ මූලික කටයුතු සාර්ථකව නිමවූ පසු ලෑන්ඩරය සහ රෝවරය සැප්තැම්බර් 2 වනදා නින්දට යවන ලද්දේ යළි එම ප්‍රදේශයට හිරු නැගුණ විට එය පුබුදුවන අදහස සහිතවයි. සැප්තැම්බර් 22 වනදා හිරු නැගීම සිදු වුවද මෙතෙක් එම යානාවලින් ප්‍රතිචාර නොමැති බවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතන වාර්තා කියා සිටින්නේ.
කෙසේ වෙතත් සීත දේශගුණික තත්ත්වයන් යටතේ මෙම යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග හානි නොවී තිබුණහොත් තවමත් ඒවා යළි පණගැන්වීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. එහෙයින් ඔවුන් මෙම ප්‍රදේශයට හිරු බැසීම සිදුවන සැප්තැම්බර් 30 තෙක් එම යානා පණ ගැන්වීමට උත්සාහ කරන බව සඳහන්.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34