hit counter

2025 ජනවාරි මස 05 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:34



ඩෙන්මාර්කය විසින් යුක්‍රේනයට ලබාදුන් ලෙපාර්ඩ් 1A5 යුධටැංකි 20 න් 12 ක්ම දෝෂ සහිත වූ බව ඩෙන්මාර්කයේ TV-2 ආයතනය වාර්තා කර තිබුණා.

මේ බව එරට ආරක්ෂක අමාත්‍යවරයා විසින් සකස් කළ ලිඛිත වාර්තාවක සඳහන් වූ බවයි එම TV-2 වාර්තාව අනුව කියැවුණේ.

මෙම යුධ ටැංකිවලින් 10 ක් මේ වනවිට ද යුක්‍රේනයට ළඟාවී ඇති බවත් ඒවායේ ඇති සුළු දෝෂ එහි කාර්මිකයන් විසින් නිවැරදි කරවන බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අනෙකුත් යුධ ටැංකි තවමත් පෝලන්තයේ පිබෙන අතර ඉන් දෙකක බරපතල දෝෂ ඇතැයි සඳහන්.

යුක්‍රේනයට ලෙපාර්ඩ් යුධ ටැංකි 100 ක් සැපයීම සඳහා ඩෙන්මාර්කය හා නෙදර්ලන්තය එකඟ වූයේ පෙබරවාරියේදී යි. එහෙත් ජූලි මාසයේදී ද ඩෙන්මාර්කය පවසා තිබුණේ තමන්ට යුධ ටැංකිවල දෝෂ හේතුවෙන් ඒවා නියමිත පරිදි ලබාදීම අසීරුව ඇති බවයි.

මීට පෙර ජර්මනියෙන් ලැබුණ ලෙපාර්ඩ් යුධ ටැංකි තොගයක් ද යුක්‍රේනය විසින් ප්‍රතික් ෂේප කරන ලද බව වාර්තා වුණා. එයට හේතු වූයේ ද ඒවායේ දෝෂයි.

ඩෙන්මාර්කය 2005 දී ලෙපාර්ඩ් 1A5 යුධ ටැංකි සේවයෙන් ඉවත් කළ බව සඳහන් වනවා.