hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 7:05



2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ නාමයෝජනා දිනාගැනීමේ තරගයේ දෙවන විවාදය සැප්තැම් බර් 27 වනදා පැවැත්වෙනවා.

රොනල්ඩ් රේගන් ජනාධිපති පුස්තකාලයේ දී පුරා පැය දෙකක් මුළුල්ලේ මෙම විවාදය පැවැත්වෙන අතර ඊට අපේක්ෂකයන් හත් දෙනකු මේ වනවිට සුදුසුකම් ලබා ඇතැයි සඳහන්.

ඒ අතර හිටපු ජනාධිපති ඩොලල්ඩ් ට්‍රම්ප්, ව්‍යවසායක විවේක් රාමස්වාමි, හිටපු දකුණු කැරොලිනා ආණ්ඩුකාර නික්කි හේලි, හිටපු උප ජනාධිපති මයික් පෙන්ස්, හිටපු නිව් ජර්සි ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි, ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්, දකුණු කැරොලිනා සෙනට් සභික ටිම් ස්කොට් යන අය වනවා.

කෙසේ වෙතත් පළමු විවාදයේ මෙන්ම මෙම විවාදයට ද ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවන බව සඳහන් කර තිබෙනවා. එම විවාදය පැවැත්වෙන අවස්ථාවේ ම ඔහු ඩිට්‍රොයිට් නගරයේ රැස්වීමක් ඇමතීමට නියමිතයි.

රිපබ්ලිකන් නාමයෝජනා දිනාගැනීමේ තරගයේදී අන් සියළු අපේක්ෂකයන් අභිබවා ඉතා විශාල ජනප්‍රියත්වයක් ට්‍රම්ප් පෙන්නුම් කරනවා. එහෙයින් ඔහු මෙම විවාද පිළිබඳ එතරම් තැකීමක් නොකරන බවයි පෙනී යන්නේ.