hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 26, ප.ව. 4:05



යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් තම සෙබළුන් දෙදෙනකු මියගිය බව බහරේනය පවසනවා.

බහරේන සෙබළුන් යේමනයේ රැඳී සිටින්නේ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයේ කොටසක් ලෙසයි. සෞදි අරාබිය සහ හූති කැරලිකරුවන් අතර මෑතකදී සෞදි අරාබියේ දී සාකච්ඡා පැවැති අතර එය ධනාත්මක වූ බව සෞදි අරාබිය පවසා සිටියා.

මෙම ප්‍රහාරය හේතුවෙන් එම සාකච්ඡාවල අනාගතය පිළිබඳ සැකයක් නිර්මාණය වනවා.

කෙසේ වෙතත් හූති කැරලිකරුවන් මෙතෙක් මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම පිළිගෙන නැතැයි විදෙස් මාධ්‍ය පවසා සිටිනවා.