hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජනවාරි 24, පෙ.ව. 8:20



සුප්‍රකට Bonny M සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන ගීත රචකයා වූ ෆ්‍රෑන්ක් ෆරියාන් මියගිය බව ඔහුගේ ඒජන්සිය වාර්තා කළා.

ඇමරිකාවේ මියාමි නගරයේ ඔහුගේ නිවසේදී ෆරියාන් මියගිය බව එම නිවේදනයේ සඳහන් වන අතර ඔහුගේ මරණයට හේතුව සඳහන්ව තිබුණේ නැහැ. ඔහු කලක තිස්සේ හෘද රෝගවලින් පෙළෙමින් සිටියා.

ෆරියාන් Bonny M මෙන්ම Milli Venili සංගීත කණ්ඩායමේ ද නිර්මාතෘවරයා වුණා. බොනී එම් කණ්ඩායමේ ප්‍රකට ගීත අතර “රස්පුටින්” ගීතය ඔහුගේ රචනාවක් වන අතර “ඩැඩී කූල්” ගීතය ද ඔහුගේ සම රචනයක්.