hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:31



බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ හි කුමන්ත්‍රණයක් වළකාලන ලද බව එරට රජය නිවේදනය කළා.

බුද්ධි අංශවල මැදිහත්වීමෙන් අඟහරුවාදා දිනයේ මෙම කුමන්ත්‍රණය වළකන ලද බවත් ඊට සම්බන්ධ වූ ඇතැමුන් අත්අඩංගුවට ගන්නා ලද බවත් එම ආණ්ඩුව බදාදා දිනයේ නිවේදනය කළා.

බුර්කිනා ෆාසෝ හි යුධ හමුදාව තුළ යම් යම් ප්‍රතිවිරෝධතා පිළිබඳ මාධ්‍ය වාර්තා පළවෙමින් පැවති පසුබිමකයි මෙම පුවත වාර්තා වන්නේ.

පසුගිය සමයෙහි බුර්කිනා ෆාසෝ හි හමුදා ආණ්ඩුව පිළිබඳ බොහෝ කතාබහට ලක් වූයේ එම ආණ්ඩුව නිජර් හි හමුදා පාලනයට සිය සහය ලබාදීම නිසයි.

වර්තමාන නායක ඊබ්‍රහිම් ට්‍ර​ඕරේ බලයට පැමිණියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි. ඇතැමුන් විසින් ඔහුව 1980 දශකයේ බුර්කිනා ෆාසෝ හි පාලකයකු වූ තෝමස් සන්කාරා සමග සැසඳීමට ද පටන් ගෙන තිබෙනවා.