hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 ජූනි 12, ප.ව. 5:16



ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ සර්දායි වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ගැට්වික් ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පිටත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් ගුවන් ගතව ස්වල්ප මොහොතකින් කඩාවැටුණා.

එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් මෙම යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 230 ක්, නියමුවන් දෙදෙනකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනකු ගමන් කළ බව සඳහන්.

ගුවන් ගතව ස්වල්ප මොහොතකින් එහි කපිතාන්වරයා හදිසි තත්ත්වයක් පිළිබඳ සඳහන් කළ බවත් ඉන් පසුව සන්නිවේදනය බිඳවැටුණ බවත් වාර්තා වනවා.

මෙම යානයෙහි සිටි මගීන් අතුරින් 169 දෙනකු ඉන්දියානුවන් බව ද 53 දෙනකු බ්‍රිතාන්‍යයන් බව ද වාර්තා වන අතර කැනේඩියානුවකු හා පෘතුගීසි ජාතිකයන් 7 දෙනකු ද එහි වූ බවයි සඳහන් වන්නේ.

මගීන් අතර හිටපු ගුජරාට් මහ ඇමති විජේ රූපානි ද වූ බව සැක කෙරෙනවා.

යානය කඩාවැටී ඇත්තේ වෛද්‍ය සිසුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට බව ද වාර්තා වනවා.