hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජනවාරි 11, ප.ව. 8:42



එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් ඊයේ සෝමාලියාවේ අල් ශබාබ් ත්‍රස්ත කල්ලිය අතට පත්ව තිබෙනවා. සෝමාලියානු රජය පවසන්නේ එම හෙලිකොප්ටරයේ සිටි පිරිස බේරාගැනීමේ උත්සාහයන් තමන් අරඹා ඇති බවයි. නමුත් ත්‍රස්තවාදීන් විසින් පාලනය කරන ප්‍රදේශයට ප්‍රවේශ වීම අපහසු බව රජය පවසනවා.

සෝමාලියාවේ ගල්මුදුග් ප්‍රාන්තයේ ගම්මානයක් අසළට මෙම හෙලිකොප්ටරය ඊයේ ගොඩබැස තිබුණා. එහි නව දෙනකු වූ බව එක්සත් ජාතීන් පවසනවා. ඉන් පස් දෙනකුවත් ප්‍රාණ​ඇපකරුවන් ලෙස අල්ලාගෙන ඇති අතර එක් අයකු ඝාතනය කරනු ලැබ ඇතැයි ද වාර්තා වනවා. හෙලිකොප්ටරය යාන්ත්‍රික දෝශයක් හේතුවෙන් ගොඩබැස ඇති බවත් එම ප්‍රදේශය ත්‍රස්තවාදී ග්‍රහණයෙහි පවතින ප්‍රදේශයක් බවත් වාර්තා වනවා.

අල් ශබාබ් ත්‍රස්ත සංවිධානය අල් කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වන සෝමාලි ත්‍රස්ත සංවිධානයක්. ඉස්ලාමීය ශරියා නිතීයෙහි ඔවුන් ගේ අර්ථ දැක්වීම අනුව පාලනය වන ඉස්ලාමීය රාජ්‍යයක් බවට සෝමාලියාව පත් කිරීම මෙම සංවිධානයේ අරමුණයි. මෙම ත්‍රස්ත සංවිධානය 2006 දී පිහිටවූවක් වුවද එයට උපත දුන් සංවිධාන 1990 දශකයේ සිට සෝමාලියාවේ ක්‍රියාත්මකයි.