2023 නොවැම්‍බර් 26, ප.ව. 8:15
ඊශ්‍රායල සමාගමකට අයත් බව කියන ඛනිජ තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් රතු මුහුදේදී පැහැරගෙන තිබෙනවා.
මෙතෙක් එම පැහැරගැනීමේ වගකීම කිසිවකු බාරගෙන නැති බව වාර්තා වන නමුත් එය සිදුකරන්නට ඇත්තේ යේමනයේ හූති කැරලිකරුවන් විසින් බව විශ්වාස කෙරෙනවා.
MV Central Park නම් මෙම නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක්. මීට පෙර මෙම නෞකාවට යේමනයේ හොඩෙයිඩා වරාය වෙත පැමිණෙන ලෙස හූතිවරුන් විසින් දනුම් දී තිබුණ බවත්, ඇමරිකානු නාවික හමුදා විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලෙස එයට දැන්වූ බවත් ඇතැම් වාර්තා කියා සිටිනවා.
කෙසේ වෙතත් ඇමරිකානු බලධාරීන් පවසන්නේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ තමන් අවධානය යොමුකර ඇති බවයි.
මීට සතියකට පෙර ඊශ්‍රායල ව්‍යාපාරිකයකුට සම්බන්ධ සමාගමකට අයත් නෞකාවක් යේමනයේ හූතිවරුන් විසින් පැහැරගනු ලැබුණා.
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්තෝබර් 10, ප.ව. 7:29