2026 මාර්තු 14, ප.ව. 2:37
ඉරානයේ තෙල් නැව්ගත කිරීමෙන් සියයට 90 ක් පමණ සිදුකෙරෙන කාර්ග් දූපතට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්‍රම්ප් සඳහන් කළේ මෙම ප්‍රහාරයේදී එම දූපතේ මිලිටරි ඉලක්ක වෙත පමණක් පහරදුන් බවයි.
ඉරානයේ බුශෙර් පළාතේ ප්‍රධාන භූමියෙන් කිලෝමීටර් 28 ක් ඈතින් පිහිටි මෙම දිවයින 1950 දශකයේ සිට තෙල් නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් වනවා.
මෙයින් උපරිම වශයෙන් දිනකට තෙල් බැරල් මිලියන 7 ක් නැව්ගත කළ හැකියි. නමුත් වර්තමානයේදී නැව්ගත කෙරෙන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයක්.
කාර්ග් දිවයින අල්ලාගැනීම පිළිබඳ ඇමරිකානුවන් සලකා බලන බව මීට දින කිහිපයකට පෙර වාර්තා වී තිබුණා. කෙසේ නමුත් මෙතෙක් එවැනි පියවරකට ඇමරිකාව එළඹ නැහැ. එමෙන්ම එම දූපතේ ඉලක්ක වෙත පහරදීමක් සිදුවූයේ ද පළමු වරටයි.
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41