2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:00
බර්ලින් ප්‍රදේශයේ ඊයේ පැවති මැතිවරණයේදී අන්ත වාමාංශික පක්ෂයක් ලෙස සැලකෙන වාම පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නට සමත්ව තිබෙනවා.
ප්‍රාන්ත සභාවේ ආසන 130 කින් 38 ක් දිනාගැනීමට එම පක්ෂය සමත් වූයේ සියයට 25 ක ඡන්ද ප්‍රතිශතයක් ද සමගයි.
බර්ලින් හි බලයෙහි රැඳී සිටි ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවට සියයට 19 ක ඡන්ද ප්‍රතිශතයක් සමගින් ආසන 28 ක් හිමිවුණා. අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය පක්ෂය සියයට 16 ක ඡන් ද ප්‍රමාණයක් සමග ආසන 24 ක් දිනාගෙන තිබෙනවා. හරිත පක්ෂය ආසන 22 ක් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 18 ක් ලෙස ඉතිරි ආසන බෙදාගෙන තිබෙනවා.
මෙම ප්‍රතිඵල අනුව වාම පක්ෂයේ ප්‍රධාන අපේක් ෂිකාව වූ එලීෆ් එරාප් මීළඟ බර්ලින් නගරාධිපතිණිය ලෙස පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මීට සමගාමීව පැවති මෙක්ලන්බර්ග් – වර්පොමර්න් ප්‍රාන්ත මැතිවරණය ජර්මනිය සඳහා විකල්පය පක්ෂය විසින් ජයගනු ලැබුණා. එහිදී සිදුවූ සුවිශේෂීම සිදුවීම වූයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන කිසිවක් හිමි නොවීමයි. එය ඔවුන් ලද ඓතිහාසික පරාජයක් වනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43