hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:03



ධවල මන්දිර මාධ්‍ය සංසදය (White House Press Pool) විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කටයුතු වාර්තා කිරීම වර්ජනය කිරීමත් සමග අලුත් චැනලයක් ඇරඹීමට ධවල මන්දිරය තීරණය කර තිබෙනවා.

පැය විසි හතර පුරා ක්‍රියාත්මක ස්ට්‍රීමිං ප්ලැට්ෆෝර්ම් එකක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙම චැනලයට නම් තබා ඇත්තේ Trump TV යනුවෙන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, MS Now සහ Politico යන මාධ්‍ය ආයතනවලට ධවල මන්දිර කටයුතු වාර්තා කිරීම තහනම් කිරීමෙන් අනතුරුව අනෙකුත් මාධ්‍ය ආයතන ද ට්‍රම්ප්ගේ කටයුතු වර්ජනය කරන්නට තීරණය කළා. එයින් පසුවයි ධවල මන් දිරය මෙම චැනලය පිළිබඳව නිවේදනය කර ඇත්තේ.

ඇමරිකානු ජනාධිපතිවරයකුගේ කටයුතු වාර්තා කිරීම ස්වාධීනව සිදුවිය යුතුය යන අදහස මත පුද්ගලික මාධ්‍ය කටයුතු කරනවා. එම නිසා ධවල මන්දිර නිල ප්‍රකාශ සහ වීඩියෝ දර්ශන මත පමණක් ඔවුන් කටයුතු කරන්නේ නැහැ. ධවල මන්දිරය පිළිබඳ වාර්තා කරන ආයතන එක්ව කටයුතු කිරීමට ධවල මන්දිර මාධ්‍ය සංසදය පිහිටුවාගෙන තිබෙනවා.