2026 සැප්තැම්බර් 21, ප.ව. 2:57
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් නිව් යෝර්ක් නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එම හමුව පැවැත්වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.
රුසියානු යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සඳහා දරන ලද උත්සාහයක් ලෙස ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජරෙඩ් කුෂ්නර් මොස්කව් සහ කීව් වෙත සංචාරය කිරීමෙන් ස්වල්ප කලකට පසුව මෙම හමුව සිදුවීම වැදගත් වනවා.
එමෙන්ම මෙම හමුව සිදුවන්නේ රුසියාව සහ යුක්රේනය එකිනෙකා වෙත දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම තීව්ර වී තිබෙන පසුබිමකයි. සැප්තැම්බර් 20 වනදා යුක්රේනය විසින් මොස්කව් පළාතේ කපොත්නියා තෙල් පිරිපහදුව වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.
2026 සැප්තැම්බර් 21, ප.ව. 1:00
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18