hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 25, ප.ව. 8:33



මියන්මාර් මිලිටරි පාලනය සම්පූර්ණයෙන් පරාජය වීමේ අවදානමට මුහුණ දී සිටින බව එරට ක්‍රියාත්මක වන කැරලිකාර සංවිධානයක් වන අරාකන් හමුදාවේ ප්‍රකාශකයා සඳහන් කරනවා.

මෙවර සිදුවන සටන්වල වෙනස වන්නේ අන් අවස්ථාවල මෙන් නොව කැරලිකාර කණ්ඩායම් ප්‍රහාරක මෙහෙයුම්වල නිරත වීම බවයි අරාකන් හමුදාවේ ප්‍රකාශක කයින් තු කා පෙන්වා දෙන්නේ.

බටහිර මියන්මාරයේ අරාකන් බෞද්ධයින්ගෙන් සැදුම්ලත් අරාකන් හමුදාව එරට ක්‍රියාත්මක වන ත්‍රිපාර්ශවික සහෝදරත්ව සන්ධානයෙහි සාමාජිකයකු වනවා. එම සංවිධානය නොවැම්බර් 13 වනදා රකයින් ප්‍රාන්තයේ ප්‍රහාර දියත් කිරීම ඇරඹුවා.

ඔක්තෝබර් 27 වනදා ත්‍රිපාර්ශවික සහෝදරත්ව සන් ධානය විසින් 1027 මෙහෙයුම දියත් කිරීමත් සමග මියන්මාර් සිවිල් යුද්ධය අලුත් මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ වනවිට එරට පළාත් කිහිපයකම විවිධ සටන්කාමී සංවිධාන හමුදා පාලනයට එරෙහිව ප්‍රහාරක මෙහෙයුම් දියත්කර තිබෙනවා.