2022 දෙසැම්‍බර් 21, ප.ව. 7:16
ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදු වූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ බසය ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර බසය ගමන් ගන්නා මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට ක්‍රීඩා ලෝලීන් පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම ගුවනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.
ක්‍රීඩා ලෝලීන් බසයට පැනීමට උත්සාහ කරන අතරතුර තවත් පිරිසක් පොලිස් මෝටර් රථයක් පැහැර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.
පාලම මත සිට ක්‍රීඩා ලෝලියෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට පැනීමට යාමේදී බිමට ඇද වැටෙන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38