hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:26



හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව මාස 14ක් සඳහා සිරගත කර ඇති බව වාර්තා වෙනවා.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර තිබූ මුදල් වංචා කිරීම සහ අවභාවිත කිරීම යන චෝදනා ඇයට එල්ලවී තිබූ බව එරට අධිකරණ නිලධාරියෙක් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝසා බෝනිල්ලා , අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් වෙන්කර තිබූ ඩොලර් 590,000කට සමාන මහජන මුදල් සිය ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීමට සහ ඉදිකිරීම් සඳහා අවභාවිත කර ඇති බවයි.