hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2023 මැයි 23, ප.ව. 1:32



ලොව විශාලතම කෘතිම කොරල්පරය ඩුබායි හි ඉදි කෙරෙමින් පවතිනවා.

වර්ග සැතපුම් 77 ක භූමි ප්‍රදේශයක් පුරා එය ව්‍යාප්ත කිරීමට නියමිතයි.

ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු දිස්වන ආකාරය දැක්වෙන පළමු සැලසුම් ඡායාරූප එකතුව මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එය සියලු කොරල්පර ආශ්‍රිත ජීවීන්ගෙන් ද සමන්විත සුවිශේෂී ජීව විද්‍යාත්මක කලාපයක් ලෙසයි ඉදිකිරීමට නියමිතව ඇත්තේ.

මිලියන ගණනක් ජලජ ශාක රෝපණයට සහ සුඛෝපභෝගී පාරිසරික ලැගුම්හල් ද ඉදිකිරීමට නියමිතයි.

මිනිසුන්ට නවාතැන් ගත හැකි ස්ථානවලින් සමන්විත අන්තර් සම්බන්ධිත දූපත් මාලාවක් ලෙස ද, මෙය සැලසුම් කර තිබෙනවා.