hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 1:57



ඉන්දියානු සාගරයේ ගුජරාටයට ඔබ්බෙහි වන මුහුදේදී MV Chem Pluto නම් වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වුණා.

සෞදි අරාබියේ ජුබේල් වරායේ සිට ඉන්දියාවේ මැන්ගලෝර් වෙත ගමන් කරමින් තිබුණු මෙම නෞකාවට මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවයි විශ්වාස කෙරෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් නෞකාවේ ගින්නක් ඇතිවූ බව සඳහන් වූ නමුත් එහි කාර්යය මණ්ඩලයට හානියක් සිදුව නැහැ. නෞකාවට සහය වීම පිණිස ඉන්දියාව විසින් සිය වෙරළාරක්ෂක හමුදාවේ නෞකාවක් පිටත්කර හැරියා.

පසුගිය දිනවල යේමනයේ හූති කැරලිකරුවන් විසින් රතු මුහුද ආශ්‍රිතව ගමන් කරන වෙළෙඳ නැව්වලට පහර දුන් නමුත් ඉන්දියානු සාගර ප්‍රදේශයේදී මෑතකදී මෙවැනි ප්‍රහාරයක් එල්ල වූයේ මුල් වරටයි.