2025 දෙසැම්‍බර් 25, ප.ව. 7:26
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ අන්තර්වාර සභාපති තරීක් රෙහ්මාන් වසර 17 කට පසු අද දින සිය රටට පැමිණියා.
ඔහු එළඹෙන මහ මැතිවරණයේදී තම පක්ෂය මෙහෙයවීමට නියමිතව තිබෙනවා.
හිටපු ජනාධිපති සියා උර් රෙහ්මාන් සහ හිටපු අගමැතිණි බෙගම් කලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන තරීක් රෙහ්මාන් 2008 මහමැතිවරණයේදී අවාමි ලීගය ලැබූ දැවැන්ත ජයග්‍රහණයෙන් අනතුරුව දේශපාලන තර්ජන මත යැයි පවසමින් රටින් පිටව ගියා.
ශෙයික් හසීනාගේ පාලන සමය තුළ ඔහුට එරෙහිව අල්ලස් හා දූෂණ, මුදල් විශුද්ධිකරණය ආදී විවිධ චෝදනා මත නඩු පවරනු ලැබ දඬුවම් ද නියම කර තිබුණා. නමුත් හසීනා බලයෙන් පහවීමෙන් පසු එම සියලු චෝදනාවලින් ඔහු නිදහස් කෙරුණා. රෙහ්මාන් සිය රට පැමිණෙන්නේ ඉන් පසුවයි.
රෙහ්මාන් පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් ධකා නුවරට එක්ව සිටියා. එම සංඛ්‍යාව ඇතැම්විට මිලියනයක් පමණ විය හැකි යැයි මාධ්‍ය වාර්තා සඳහන් කළා.
බංග්ලාදේශයේ මහමැතිවරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් සිදුකිරීම පිළිබඳ ජූලි ප්‍රඥප්තිය පිළිබඳ ජනමත විචාරණය 2026 පෙබරවාරි 12 වනදා පැවැත්වීමට නියමිතයි.
2025 දෙසැම්‍බර් 25, ප.ව. 7:48
2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:59
2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:43
2025 දෙසැම්‍බර් 19, ප.ව. 2:41
2025 දෙසැම්‍බර් 15, ප.ව. 11:59