hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2022 මැයි 27, ප.ව. 3:40



සිංගප්පූරුවේ නව බීර වර්ගයක් හඳුන්වාගෙන තිබෙනවා.

මෙම බිර නිපදවන්නේ මුත්‍රා මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගනිමින් බවටයි වාර්තා වන්නේ.

“නිව්බෲ” යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වන විට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය බවටයි වාර්තා වන්නේ,

සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි.

පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවසෙයි.