2024 නොවැම්බර් 18, ප.ව. 5:34
යුක්රේනයට ඇමරිකාව විසින් ලබාදුන් ATACMS මිසයිල යොදාගෙන රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහරදීමේ අවසරය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කළා.
මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ රුසියාව විසින් සටන් බිමට උතුරු කොරියානු හමුදා කැඳවාගැනීමයි. මෙම ප්‍රහාර හේතුවෙන් උතුරු කොරියානුවන් දුර්මුඛ වේ යයි ද තවත් හමුදා එරට වෙතින් එවනු නොලබනු ඇතැයි යයි ද ඇමරිකානු බලධාරීන් විශ්වාස කරන බව වාර්තා වනවා.
මෙම මිසයිලවල උපරිම පරාසය සැතපුම් 190 ක් (කිලෝමීටර් 305 ක්) පමණ වනවා.
යුක්රේනය විසින් කුර්ස්ක් පළාතේ ඉලක්ක වෙත පහරදීමට ATACMS මිසයිල යොදාගනු ඇතැයි විශ්වාස කෙරෙනවා. රුසියානු සහ උතුරු කොරියානු හමුදා එම පළාතේ සිටින යුක්රේන හමුදාවන්ට එරෙහිව ප්‍රහාරක මෙහෙයුමක් දියත් කිරීමට සැරසෙන්නේ යයි වාර්තා පළවෙමින් තිබෙනවා.
බයිඩ්න්ගේ තීරණය යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ පැසසුමට හේතු වී තිබෙනවා. ඔහු පවසන්නේ රුසියාව අභ්‍යන්තරයට පහරදීමේ හැකියාව ලබාගැනීම තම විජයග්‍රහණයේ සැලැස්මෙහි අත්‍යවශ්‍ය අංගයක් වූ බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය පිටුපස සිටින්නන් මුග්ධයන් ලෙස හඳුන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහළු පුත් කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමෙහි අදහස් දක්වා තිබුණා. ඔහු කියා සිටින්නේ තම පියා යුක්රේන යුද්ධය නැවැත්වීමේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී මෙසේ යුධ අවි වෙළෙන්ඳන් ප්රමුඛ පිරිස් යුද්ධයෙන් මඩි තර කරගන්නට තැත් කරන බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16