hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 11:20



ඇමරිකාවේ ජනාධිපති ලෙස තමන් වඩාත් කැමැත්තක් දක්වන්නේ ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතුරින් බයිඩන්ට බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

පුටින් කියා සිටින්නේ දේශපාලකයකු ලෙස බයිඩන් සාමාන්‍යසම්ප්‍රදායික අයකු වන හෙයින් ඔහු පිළිබඳ කලින් පුරෝකථනය කළ හැකි බවයි. ට්‍රම්ප් සම්ප්‍රදායික නොවන අයකු හෙයින් විවිධ ආකාරයේ හැසිරීම් පෙන්වන හෙයින් ඔහු හා කටයුතු කිරීම ඊට වඩා අසීරු විය හැකි යයි පුටින් පවසනවා.

බයිඩන් ගේ මතකය සහ හැසිරීම් ගැන ප්‍රශ්න මතුකිරීම පුටින්ගේ විවේචනයට හේතු වී තිබෙනවා. ඔහු පවසන්නේ තමන් ද ඇතැම්විට කොළයක් බලාගෙන කතා කරන බවයි. තමා 2021 දී බයිඩන් හමුවූ අවස්ථාවේ බයිඩන් වෙතින් මානසික දුබලතාවයක් නොදුටු බව ඔහු පැවසුවා. වරදක් නැති අයකු වේ නම් බයිඩන්ට පළමු ගල ගසන්නැයි ඔහු කියා සිටියා.

මේ අතර ට්‍රම්ප් පුටින්ගේ මෙම ප්‍රකාශය පිළිබඳ සිය ප්‍රසාදය පළකර ඇතැයි වාර්තා පළ වුණා. ට්‍රම්ප් පවසන්නේ ඇමරිකාවට වඩා සුදුසු ජනාධිපති තමන් බව මෙයින් ද පෙනෙන බවයි.