2024 ජූලි 22, පෙ.ව. 3:03
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිපතිවරණ සටනින් ඉවත්වන බව ඊයේ ප්‍රකාශයට පත්කළා. එමෙන්ම ඔහු සඳහන් කළේ තමන් ජනාධිපති අපේක්ෂක ලෙස උප ජනාධිපති කමලා හැරිස්ට සහය දෙන බවයි.
ජූනි 27 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කළ විවාදයෙන් අනතුරුව ජෝ බයිඩන් තරගයෙන් ඉවත් වියයුතු බවට ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම විශාල ඉල්ලීම් පැමිණියා. බයිඩන් එම ඉල්ලීම්වලට හිස නොනමන බවක් පෙන්නුම් කළ ද පසුව ඔහුගේ තීරණය වෙනස් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ජනාධිපති ධුරයෙහි දිගටම රැඳී සිටින බව සඳහන් කළා.
තවද ඩිමොක්‍රටික් පක්ෂයේ තවත් ප්‍රබලයින් කිහිපදෙනකුම කමලා හැරිස්ගේ අපේක්ෂකත්වයට සහය පළකර තිබෙනවා. මේ අතර ක්ලින්ටන් පවුල ද සිටිනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කඳවුර පවසන්නේ කමලා හැරිස් තරගයට අවතීර්ණ වීම තුළින් අවසන් ප්‍රතිඵලයට වෙනසක් නොවනු ඇති බවයි.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15