2023 ඔක්තෝබර් 03, පෙ.ව. 6:49
ඉන්දියාවේ ප්‍රාන්තයක් විසින් පළමු වරට කුල අනුව ජන සංගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම ඊයේ සිදුවුණා. ඒ බිහාර් ප්‍රාන්තයේදී යි. මෙම ක්‍රියාව ඉන්දියානු දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ඉවහල් වේ යයි විශ්වාස කෙරෙනවා.
මෙම වාර්තාව අනුව බිහාරයේ ජනගහනයෙන් සියයට 19.7 ක් වර්ගීකරණය කළ කුල (දලිත්වරුන්) වන අතර සියයට 1.7 ක් වර්ගීකරණය කළ ගෝත්‍රවල ජනයා වනවා. සමස්ථයක් ලෙස අනෙකුත් පසුගාමී කුල යයි සම්මත ජනයා සියයට 63.1 ක් වනවා. එය ද අතිශය පසුගාමී කුල ලෙස සියයට 36 ක් සහ පසුගාමී කුල ලෙස සියයට 27.1 ක් වශයෙන් වෙන් කර දක්වා තිබෙනවා. සාමාන්‍ය කුලවල ජනයා සියයට 15.5 ක් ලෙසයි දැක්වෙන්නේ. ප්‍රාන්තයේ සමස්ථ ජනගහනය කෝටි 13.1 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
අනෙකුත් පසුගාමී කුල යටතට වැටෙන යාදව්වරුන් ප්‍රධානම තනි ප්‍රජාව ලෙස වාර්තා වනවා. බිහාරයේ සියයට 14.27 ක් යාදව්වරුන් වන බවයි කියැවෙන්නේ. ප්‍රාන්තයේ උප මහ ඇමති තේජස්වි යාදව් ද එම ප්‍රජාවට අයත් වනවා. බ්‍රාහ්මණ කුලයේ වැසියන් ප්‍රතිශතය සියයට 3.66 ක් ලෙසයි වාර්තා වන්නේ.
මේ අතර සමස්ථ ජනගහනයෙන් සියයට 82 ක් හින්දූන් සහ සියයට 17.7 ක් මුල්සිම්වරුන් ලෙස වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ අනෙකුත් පසුගාමී යයි සම්මත කුලවල ජනයා වැඩි අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ ඉඩක් මතුව තිබෙනවා. මෙය මීළඟ මහමැතිවරණයට වැදගත් සාධකයක් වනවා නිසැකයි. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය චෝදනා කරන්නේ බිහාර් ආණ්ඩුව ජනයා කුල මත බෙදීමට කටයුතු කරන බවයි.
2025 ජනවාරි 06, ප.ව. 12:53
2025 ජනවාරි 06, පෙ.ව. 5:53
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44