hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 04, ප.ව. 1:07



ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතිනවා. දැනට ගණන් කර ඇති ඡන්ද සංඛ්‍යා අනුව පාලක භාරතීය ජනතා පක්ෂයට තනිව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි බවයි පෙනීගොස් ඇත්තේ.

භාරතීය ජනතා පක්ෂය දැනට ආසන 245 කින් පමණ ඉදිරියෙන් සිටිනවා. එම අගයන් ඉදිරියේදී වෙනස් විය හැකියි. සමස්ථයක් ලෙස ගත් කළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 300 ක පමණ ඉදිරියෙන් සිටිනවා.

මේ අතර ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ INDIA සන්ධානය ද ආසන 225 කදී පමණ ඉදිරියෙන් සිටිනවා. එහිදී තමිල්නාඩුවේ බලාපොරොත්තු වූ පරිදිම ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් ප්‍රමුඛ සන්ධානය ආසන 39 න් අති බහුතරය ජයගන්නා බවයි පෙනී යන්නේ. කෙසේ වෙතත් INDIA සන්ධානයට බලාපොරොත්තු වූවාට වඩා විශාලම වාසි අත්ව ඇති ස්ථාන වන්නේ උත්තර් ප්‍රදේශ් හා බටහිර බෙංගාලයයි. විශේෂයෙන්ම උත්තර් ප්‍රදේශ් හිදී බීජේපීය අනපේක්ෂිත ලෙස පසුබැස තිබෙනවා. එහිදී අකිලේශ් යාදව්ගේ සමාජවාදී පක්ෂයේ නැගීම සුවිශේෂයි.

සමස්ථ මැතිවරණ ප්‍රතිඵල තවම නිකුත්ව නොමැති හෙයින් මෙම ආසන සංඛ්‍යාවන් යම් තරමකට වෙනස් විය හැකියි. නමුත් බීජේපීය බලාපොරොත්තු වූ ජයග්‍රහණය නම් ඔවුන් වෙත නොලැබෙන බව පෙනෙන්නට තිබෙනවා.