hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 ජනවාරි 30, ප.ව. 4:12



පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යි එහි දැක්වුණේ.

බෝම්බය පුපුරා යාමත් සමඟ මෙම මුස්ලිම් පල්ලියේ කොටසක් කඩා වැටී තිබෙනවා.