hit counter

2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 11:40



ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්‍රේනයේ දෙදින සංචාරයක් ආරම්භ කළා.

2022 පෙබරවාරියේ යුද්ධය ආරම්භ වූ පසු ඔහු යුක්‍රේන අගනුවර වන කියෙව් වෙත පැමිණෙන සිව්වන අවස්ථාව මෙය වුවද දෙදින සංචාරයක් සඳහා පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම ගමනේදී ඔහු යුක්‍රේන ආණ්ඩුවේ ප්‍රධානීන් මුණගැසෙන අතර ඩොලර් බිලියනයක පමණ ආධාර ලබාදීම පිළිබඳ නිවේදනය කරන්නට නියමිත බව සඳහන්.

එමෙන්ම යුක්‍රේනයට විශාල වශයෙන් ආධාර ලබාදීම පිළිබඳ විවේචන වැඩි වෙමින් පවතින සමයක මෙම සංචාරය මගින් ඇමරිකාවේ සහය දිගටම යුක්‍රේනය වෙත ලැබෙන බව පෙන්නුම් කෙරෙන බවයි විචාරකයන් පවසන්නේ.